ලෝක පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩූරෙස් උතුරු පළාතේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩූරෙස් මහතා 2015 මැයි 27-29 යන දිනවල ඔහුගේ ප්‍රථම උතුරු පළාත් නිල සංචාරයෙහි යෙදුනි.

මෙය 2015 to 2016 Cameron Conservative government යටතේ ප්‍රකාශණය කරණ ලදී
Discussing central role of religious leaders in reconciliation with Hindu chief priest at Nallur Temple.

Discussing central role of religious leaders in reconciliation with Hindu chief priest at Nallur Temple.

ඔහුගේ සංචාරය තුළ ඔහු උතුරු පළාත් මහ ඇමති සී. වී. විග්නේශ්වරන් මහතා, යාපනේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා, මුලතිව්හි වැඩ බලන ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා, දමිළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්වන සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හා සිද්ධාර්ථන් යන මහත්වරුන් මෙන්ම සමස්ත ලංකා දමිළ සංගමයේ නායක ගජේන්ද්‍ර පොන්නම්බලම් හා ආණ්ඩුවේ දිසාපති එම්. වේදනායගම් මහතා මුණ ගැසුනි. ඔහු සංකේතමය වටිනාකමකින් යුත් නල්ලූර් කෝවිලෙහි සංචාරය කළ අතර නල්ලූර් ආරාමාධිපතිතුමා හා හින්දු කොන්ග්‍රසයේ උප සභාපති වෛද්‍ය ආරු තිරුමුරුගන් මහතා ද මුණ ගැසුනි. එසේම ඔහු යාපනේ බිෂොප් අති ගරු තෝමස් සෞන්ද්‍රනායගම් බිෂොප්තුමා ද මුණ ගැසුනි. ඩූරෙස් මහතා වලාලයි හා පලාලි වලද නැවත පිහිටුවන ලද කෙප්පිලාවු වලද අලුතෙන් නැවත පදිංචි කදරන ලද පවුල් මුණ ගැසීමට ද ගියේ ය. මේ දෙකම සම්බන්ධීකරණය කරනුයේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසිනි. ඔහු බ්‍රිතාන්‍යය මූල්‍ය ප්‍රතිපාදන සපයන ලද හලෝ භාරය ප්‍රාදේශීය ප්‍රජාවන්ට නැවත ප්‍රදේශය ප්‍රයෝජනයට ගත හැකි වන සේ මුහාමලෙයිහි බිම් බෝම්බ දහස් ගණනක් ඉවත් කිරීමේ කටයුතුවල යෙදෙමින් සිටියේ කෙසේ ද යන්න සියැසින්ම දිටී ය. එසේම ඔහු පුතුකුඩුයිරුප්පු පොලිස් ස්ථානයේ දී ආසියා පදනම විසින් කර ගෙන යන්නා වූ වැඩසටහනක් සාමය පවත්වා ගැනීමේ යහ ප්‍රජා භාවිතයන් ක්‍රියාවට නගමින් සිටියේ හා ස්ත්‍රීන් හා ළමුන් සම්බන්ධ නඩු කර ගෙන යාම සඳහා පොලිස් නිලධාරීන් සූදානම් කිරීමට ආධාර කරමින් සිටියේ කෙසේ ද යන්න දුටුවේ ය. තව දුරටත් ඔහු මුල්ලියාවලයිහි ශ්‍රී ලංකාව එක්සත් වෙමු ප්‍රතිසන්ධාන කේන්ද්‍රෙය් දී ප්‍රතිසන්ධානයේ හා සියලු දෙනා අන්තර් ග්‍රහණය කිරීමේ පරමාදර්ශ ප්‍රවර්ධනය කිරීමට එක්ව වැඩ කරන තරුණ කණ්ඩාමක් ද මුණ ගැසුනි.

මහ කොමසාරිස්වරයා යාපනේ නවීන බ්‍රිතාන්‍ය කවුන්සිල මධ්‍යස්ථානයේ ද සංචාරයක යෙදුන අතර එහි දී ඔහු එක්සත් රාජධානිය ඉංග්‍රීසි භාෂාව හා සංස්කෘතික සම්බන්ධතා ප්‍රවර්ධනය කරන්නේ සහ එක්සත් රාජධානි සුදුසුකම් ලබා ගැනීමට, ඉංග්‍රීසියෙන් අධ්‍යයනය කිරීමට හා වැඩ කිරීමට හෝ එක්සත් රාජධානියේ අධ්‍යයන කටයුතුවල යෙදීමට උවමනා කරන ශ්‍රී ලාංකිනයින්ට සේවය කරන්නේ කෙසේ ද යන්න ද නිරීක්ෂණය කළේ ය. සංකේතමය වටිනාකමකින් යුත් යාපන පුස්තකාලය ද බැලීමට ගිය ඔහු එහි කාර්ය මණ්ඩලය ද සිසුන් ද මුණ ගැසුනි. වානාවිල්හි සීමාසහිත මාස් ඇක්ටිව් ‍ පෞද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාවේ දී අවුරුදු දෙකකට නොඅඩු කාලයක් තුළ දහසකට වැඩි ප්‍රදේශයේ ජනයාට දැන් ස්ථිර රැකියා ලබා දී තිබෙන අයුරු ද ඔහු දුටුවේ ය.
සිය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඩූරෙස් මහතා මෙසේ පැවසීය: “මා සම්බන්ධයෙන් ගත්කල මෙය මට ඉතාමත්ම ප්‍රයෝජනවත් හා සිත් ගන්නාසුළු සංචාරයක් වූයේ ය. ඉතාමත්ම විවිධ ස්ථානයන්හි හා තත්ත්වයන්හි වෙසෙන සියලු වර්ගවලට අයත් ජනයාගෙන් මම ගොඩක් දේ ඉගෙන ගතිමි. ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ දුෂ්කරතා හා අවස්ථාවන්, බලාපොරොත්තු හා කරදර වටහා ගැනීම මා වැනි පදවියක සිටින ඕනෑම අයෙකු සම්බන්ධයෙන් කල අත්‍යවශ්‍ය ය. ඉකුත් අවුරුදුවල ඒ සා වේදනාකර සිද්ධීන්වලට මුහුණු දුන්නා වූ ද ඉතාමත් යුක්ති යුක්ති ලෙස දීප්තිමත් අනාගතයක් කරා පෙරට යාමේ අපේක්ෂාවෙන් සිටින්නා වූ ද බොහෝ දෙනාගේ ශුභවාදිත්වය හා විවෘතභාවය විසින් මසිත ස්පර්ශ කරනු ලැබී ය.”

Updates to this page

පළ කළේ 31 May 2015