බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ වැදි ප්‍රජාව මුණ ගැසීමේ සංචාරයක යෙදෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අති ගරු ජෝන් රැන්කින් 2014 නොවැම්බර් 4 වන දින ඌව පළාතේ දඹානෙහි ආදිවාසික වැදි ප්‍රජාව මුණ ගැසීමේ සංචාරයක යෙදුනි.
![British High Commissioner with the Vedda Chief Uru Warige Wannila Aththo](https://assets.publishing.service.gov.uk/media/5a5388d8ed915d5954748300/s300_British_High_Commissioner_with_the_Vedda_Chief_Uru_Warige_Wannila_Aththo.jpg)
British High Commissioner with the Vedda Chief Uru Warige Wannila Aththo
ඔහු වැදි නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තෝ මුණ ගැසුණු අතර වැදි ජනතාවගේ දීර්ඝ ඉතිහාසය පිළිබඳව හා නවීන ජීවිතයේ ආකර්ෂණයන් හා අවස්ථාවන් සමග ඔවුන්ගේ සම්ප්‍රදායික ජීවන රටාවන් ආරක්ෂා කර ගැනීම තුලනය කිරීමට ඔවුන් දරන උත්සාහයේ දී වැදි ප්‍රජාව විසින් මුහුණ දෙනු ලබන්නා වූ අභියෝග පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය.
ප්‍රජා නායකයා මුණ ගැසීම හා ඔහුගේ ආශීර්වාද සහ ආගන්තුක සත්කාර ලැබීම තමා ලද ගෞරවයක් බව මහ කොමසාරිස්වරයා පැවසීය. ඔවුන්ගේ තිරසර කෘෂිකාර්මික භාවිතයන් හා ශාඛ ඖෂධීය පිළියම් භාවිතය ඇතුළුව ආදිවාසී ප්‍රජාවන්ගෙන් ඉගෙන ගැනීමට බෙහෝ දෑ වූ බව ඔහු සඳහන් කළේ ය. වැදි නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනය අනුව ඔහු ඔහුගේ ගමන සිහි වීම පිණිස ගසක් ද රෝපණය කලේ ය.
මහ කොමසාරිස්වරයා බදුල්ලෙහි ද කෙටි සංචාරයක යෙදුන අතර එහි දී ඔහු දිසාපති රෙහාන් කීර්ති දිසානායක මහතා ද බදුල්ල එජාප සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ද මුණ ගැසුනි.