ඉන්දියන් සාගර සුනාමියේ දහ වෙනි සංවත්සරය
ඉන්දියන් සාගර සුනාමියේ දහ වෙනි සංවත්සරය අනුස්මරණය කිරීමේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවඩ් කැමරන්ගේ පණිවිඩය
151 British nationals lost their lives in 2004 Tsunami
“අද නත්තල් දිනට පසු උත්සව දිනය උත්සව පවත්වන සියල්ලන්ටම තවදුරටත් ප්‍රීතිමත් උත්සව දිනයක් නොව ඉන්දියන් සාගර සුනාමියේ දී ඔවුන්ගේ ආදරණීයයෙකු නැති වූ දිනයකැයි මම සිතමි. මෙම ඛේද ජනක අවස්ථාවේ මාගේ යාච්ඥාවන් සිය ජීවිත අහිමි වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් 151 දෙනා ඇතුළුව ව්‍යසනයට ගොදුරු වූ ජනයා අනුස්මරණය කරන්නන් සමග වන බව කීමට කැමත්තෙමි.
“සුනාමිය ඇති වූ තැන් පටන් ආණ්ඩුව සුනාමියෙන් විපතට පත් ප්‍රජාවන්ට ආධාර කිරීමට හා අලුත් නිවාස හා පාසල් ඉදි කිරීම හෝ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔවුන්ට හැකියාව ලබා දීම යන කුමන මගකින් සිය දෙපයින් නැගී සිටීමට ජනයාට උපකාර කිරීමට පවුම් මිලියන 300 ක්පමණ සපයා තිබේ.
“ඛේදවාචකය හා විපත්තිය හමුවේ සිය දහස් ගණන් ජනයා ඔවුන්ගේ ජීවිත නැවත ගොඩ නගා ගැනීමේ සැබෑ හැකියාවක් ප්‍රදර්ශනය කර තිබෙන අතර මිලියන ගණන් දෙනා විපතට පත් වූවන්ට උපකාර කිරීමෙහිලා අති විශිෂ්ඨ ත්‍යාගශීලීභාවයක් පෙන්නුම් කර තිබේ. එලෙස අප මිය ගිය සියලු දෙනා සිහිපත් කරන විට අපි එම ප්‍රදේශවල ජීවත් වන්නවුන් විසින් දැන් පෙරට වඩා සමෘද්ධිමත්, ජීව සම්පන්න හා සාමකාමී යයි කියනු ලබන බන්ඩා අචේ වැනි ප්‍රකෘතිමත්භාවය කරා ළඟාවන ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන් වෙතින් අස්වැසිල්ලක් ලබා ගත යුත්තෙමු.”