දකුණු ආසියා විමර්ශන ශ්‍රී ලාංකීය ජයග්‍රාහකයින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතින් සම්මාන ලබා ගනී
තොම්සන් පදනම ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලය සමග සහයෝගයෙන් ගවේශනාත්මක වාර්තාකරණය සඳහා වන 2013 ශ්‍රී ලංකීය විමර්ශන සම්මානයේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත් වේ.
All three winners produced original, high impact stories with in-depth research.
ජයග්‍රාහකයන් වනුයේ:
මුද්‍රිත මාධ්‍යය - ගංගානි වීරකෝන්, සිලෝන් ටුඩේ රූපවාහිනිය - උපේන්ද්‍ර හේරත්, හිරු රූපවාහිනිය ගුවන් විදුලිය - ගවේශනාත්මක වාර්තාකරණ කණ්ඩායම, නෙත් FM
ජයග්‍රාහකයින් තිදෙනාම ගැඹුරෙන් කරන ලද පර්යේෂණයන් මගින් අපූර්ව හා ප්‍රබල බලපෑමක් ඇති කිරිමට හැකි කතා නිර්මාණය කර තිබේ.
මින් අනතුරුව මෙකි ජයග්‍රාහකයින් බංගලාදේශයේ ජයග්‍රාහකයින් ද සමග කලාපීය මට්ටමින් තරඟ වදී. මෙහි අවසන් ප්‍රතිපල අප්‍රේල් මස හතර වන දින ප්‍රකාශයට පත් වීමට ඇති අතර ඉන් ජයග්‍රහණය කිරීමෙන් ලන්ඩන් නුවර සතියක අධ්‍යයන සංචාරයක් දිනා ගැනීමට අවස්ථාවද ලැබේ.
ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලාංකීය ජයග්‍රාහකයින් තිදෙනාගේ සහතික පත්‍ර 2014 අප්‍රේල් 4 වෙනි සිකුරාදා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් විසින් ප්‍රදානය කරනු ලැබීය. මහ කොමසාරිස්වරයා ජයග්‍රාහකයින්ට ඔවුන්ගේ නිර්මාණයන්හි උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් සිය ශුභාසිංසන පිරිනැමීය. තව දුරටත් ඔහු මෙසේ පැවසීය. “තොම්සන් පදනම ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලය සමග එක්ව මෙම වැඩමුළු කරගෙන යාමට හා ශ්‍රී ලංකාවට මෙම සම්මානය දිනා ගැනීමට සමත්ව තිබීම ගැන මම සතුටට පත්වීමි. ගවේශනාත්මක මාධ්‍යකරණය, විශේෂයෙන්ම බොහෝ ආකාරයන්ගෙන් තොරතුරු වැඩි වැඩියෙන් ලබා ගත හැකිව තිබෙන අද දවසේ හා මෙම යුගයේ මහ ජනතාවට වඩා හොඳට තොරතුරු ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. ”
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම ව්‍යාපෘතියට ආධාර කරනු ලැබී ය.