ලෝක පුවත් කතාව

වංචාවක් සම්බන්ධයෙන් එක්සත් රාජධානි වීසා අයදුම්කරුවෙකු අත්අඩංගුවට ගනී

තිස් අවුරුදු වියැති යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඔහුගේ එක්සත් රාජධානි සංචාරක වීසා අයදුම් පතෙහි ව්‍යාජව තොරතුරු දක්වා තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙය 2015 to 2016 Cameron Conservative government යටතේ ප්‍රකාශණය කරණ ලදී
All visa applications are subject to extensive checks by trained forgery officers.

All visa applications are subject to extensive checks by trained forgery officers.

ඔහු කලින් වෙනත් අනන්‍යතාවක් යටතේ අයදුම්කර ඇති බව ද සොයා ගෙන තිබේ.

එක්සත් රාජධානි වීසා හා ආගමන මෙහෙයුම් කාර්යාංශය විසින් වීසා අයදුම්කරු කොළඹ පොලිස් වංචා විමර්ශන බියුරෝවට යොමු කරනු ලැබ තිබේ. කලින් එකම නමින්ම එහෙත් වෙනස් උපන් දිනයක් හා පවුලේ විස්තර සහිතව වීසා අයදුම් කර තිබූ අතර ඔහුගේ වීසා අයදුම් පත ප්‍රතික්ෂේප කර තිබුණි.

එසේම වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවීමෙන් අයදුම්කරුවා එක්සත් රාජධානියට යාම සම්බන්ධයෙන් වසර 10 තහනමකට භාජනය කරනු ලබන අතර ඔහු ඔහුගේ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව ශ්‍රී ලාංකීය අධිකාරීන් වෙතින් කෙරෙන නීති කෘත්‍යයන්ට මුහුණ දිය යුතු වේ.

එක්සත් රාජධානි වීසා හා ආගමන මෙහෙයුම් කළමනාකාර ටෝනි විලියම්ස් මහතා මෙසේ පැවසීය:

“එක්සත් රාජධානි ආගමන නීති අවභාවිතයට යොදා ගැනීම අපි නොඉවසන්නෙමු. අවභාවිතය පිළිබඳ සාක්ෂි අපට හමුවන විට අපි ඒ හා සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගන්නෙමු.

“සිය අයදුම් කිරීම්වල දී විවෘත හා අවංක වන්නැයි වීසා අයදුම්කරුවන්ට අපි දැඩි ලෙස උපදෙස් දෙමු. එක් එක් අයදුම්පත එහි පුද්ගල කුසලතා මත සලකා බලනු ලබන අතර කලින් වීසා ප්‍රතික්ෂේප කර තිබීමක් අනිවාර්යයෙන්ම අලුත් වීසා අයැදුමක් ප්‍රතික්ෂේප කිරීමකට හේතු වනු ඇතැයි යන්න අදහස් නොකරයි. කෙසේ වුව ද රැවටීමක් හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමක් පිළිබඳ කාරණාවල දී අපි හැම විටම අයදුම්කරුවාව ප්‍රතික්ෂේප කරන්නෙමු. එසේම මෙම සිද්ධියේ දී පරිද්දෙන් වඩාත් සංකීර්ණ ප්‍රතිවිපාක ඇතිවන්නට ද පුළුවන.”

සියලුම වීසා අයදුම්පත් කූට ලේඛන විමර්ශනය කිරීම පිළිබඳ පුහුණු නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීම්වලට භාජනය කරනු ලබන අතර මෙම වංචාව අනාවරණය කරගනු ලැබුවේ මෙම පටිපාටිමය පරීක්ෂාවන් අනුගමනය කිරීමෙනි.

Updates to this page

පළ කළේ 26 May 2015